තල්, කිතුල්,පොල් මදින හා ගෙඩි කඩන තැනැත්තන්ට වෘත්තිය නිපුණතා සහතිකයක්

Published in පුවත්
Tuesday, 06 February 2024 12:25

තල්, කිතුල් සහ පොල් ගස් මදින හා ගෙඩි කඩන තැනැත්තන් සඳහා ජාතික වෘත්තිය නිපුණතා සහතික ලබා දීමට තීරණය කර තිබේ.

සති දෙකක විධිමත් පුහුණුවකින් පසු මෙම සහතිකය ලබාදීමට අනුමැතිය ලැබී ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

ජාතික ආධුනිකත්ව මණ්ඩලය විසින් ජාතික වෘත්තිය නිපුණතා -03 (NVQ -3) මට්ටමේ සහතික පතක් මොවුන්ට ලබා දෙන බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ සඳහන් කළේය.

ගස් බඩ ගෑම කරන අවස්ථාවේ හදිසි රෝග තත්ත්වයකට ලක්වීම, සර්ප දෂ්ඨන හා ගසෙන් ඇද වැටීම මගින් පූර්ණ හෝ අර්ධ ආබාධ තත්ත්වයට පත්වීම වලක්වා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුහුණුවක් සහතිකය ලබාදීමට පෙර ලබා දෙන බව ද ක්‍රිෂාන්ත පතිරාජ කීය.

තල්, කිතුල් සහ පොල් ආශ්‍රිත කටයුතු කරන පුද්ගලයින්ගේ සුබසාධනය වෙනුවෙන් ගනු ලබන පියවර සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවැත්වුණු අතර අදාල වෘත්තිකයන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා විධිමත් වැඩ පිළිවෙළක් යොදන්නැයි අමාත්‍යවරයා තල්, කිතුල් හා පොල් සංවර්ධන මණ්ඩලවල සභාපතිවරුන්ට දැනුම් දුන්නේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us