පොදුජන එක්සත් පෙරමුණේ මහ සම්මේලන රැස්වීම අද පස්වරුවේ

Published in පුවත්
Tuesday, 06 February 2024 14:45

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මහ සම්මේලන රැස්වීමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 05ට ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී එම රැස්වීම පැවැත්වෙනු ඇති.

මෙම රැස්වීම සඳහා පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන සියලු සාමාජිකයින්ට ආරාධනා කර තිබේ.

මෙහිදී පසුගිය රැස්වීමේදී ඉදිරිපත් කළ යෝජනා 03ක් සම්මත කරගැනීමට නියමිතය.

ඒ අනුව එම යෝජනා 03 පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කර එය සම්මත කර ගැනීම ද මෙහිදී සිදුවනු ඇත.

එමෙන්ම ඉදිරියේ දී නිර්මාණය කර ගැනීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

නව සන්ධානය පුටුව ලකුණෙන් එළිදැක්වීමට සැලසුම්කර ඇති බව සඳහන්ය.

ඊට හේතු වී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය සම්බන්ධයෙන් දැනට මතුව ඇති අර්බුදකාරී වාතාවරණයයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us