බස් රථ තුළදී කාන්තාවන්ට හිංසනයන් සිදුකළ පුද්ගලයින් 42ක් අත්අඩංගුවට

Published in පුවත්
Thursday, 08 February 2024 08:44

පොදු ප්‍රවාහන සේවාවල දී ළමුන්ට හා කාන්තාවන් විවිධ ලිංගික හිංසනයන් සිදුකරන පුද්ගලයින් සොයා සිදුකළ විශේෂ මෙහයුමේ දි ඊයේ (07) දිනයේ තුළ පමණක් පුද්ගලයින් 42නෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පොදු ප්‍රවාහන සේවය තුළ දී ලිංගික අතවර සිදුකරන ලද පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

ඊට අමතරව ගැට කපන්නන් ඇතුළු පුද්ගලයින් 24 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වා සහ පස්වරු 5.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ සිවිල් ඇඳුමෙන් සැරසුනු පොලිස් නිලධාරින් කණ්ඩායම් රැසක් මෙම මෙහෙයුමට එක්ව සිටි බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us