වී ගන්න අවම මිල තීරණය කෙරේ

Published in පුවත්
Friday, 09 February 2024 10:59

මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුගමනය කරන අවම මිල ගණන් තීරණය කර තිබේ.

ඒ අනුව තෙතමනය සියයට 14 මට්ටමක ඇති  නාඩු වී කිලෝග්‍රෑම් එකක් සඳහා  රුපියල් 105 ක් සම්බා  කිලෝව   රුපියල් 120ක් සහ කීරි සම්බා කිලෝවරුපියල් 130 වශයෙන් මිල නියම කර ඇත.

තෙතමනය සියයට 14ට වඩා වැඩි නාඩු වී කිලෝව රුපියල්  90 ක් සම්බා කිලෝව රුපියල් 100ක් සහ කීරී සම්බා කිලෝව රුපියල් 120ක් වශයෙන් මිල නියම කර තිබේ.

අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 2023/24 මහ කන්නයේ දී ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා වැඩ පිළිවෙළක් ද සකස් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙම වී මිල දී ගැනීම සදහා කුඩා හා මධ්‍යම පරිමාණ  සහල් මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් සහ වී ගබඩාකරුවන් සඳහා හා වී එකතු කරන්නන් සදහා රුපියල් මිලියන 25ක උපරිම ණය මුදලක් ලබා ‌දිමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us