ලෝක පීට්සා දිනය වෙනුවෙන්  ලංකාවේ ලොකුම පීට්සා එක මීගමුවෙන් Featured

Published in අනං මනං
Friday, 09 February 2024 12:29

පෙබරවාරි මස 09 දිනටයෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව, ඒත්තුකාළ ප්‍රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම පීට්සාව ඊයේ (08)  රාත්‍රී එම හෝටල් පරිශ්‍රයේදී නිර්මාණය කිරීමට පියවරගෙන තිබුණා.

මේ සදහා එම හෝටලයේ විධායක සූපවේදී දුමින්ද වනිගසේකර මූලිකත්වය ගෙන ක්‍රියා කරා

මෙම පීට්සාව නිර්මාණය කිරීම සදහා තක්කාලි කොංග්‍රසයක් (මිශ්‍රණයක්) මොසැරැල්ලා චීස්, කුකුළු මස්, සොසේජස්, විවිධ පාට සහ රස වර්ග 04කින් යුතු බෙල් පෙපර් , ඔලිව් තෙල් සහ බී ළූණු භාවිතා කර තිබූ අතර මෙම පීට්සා ව විනාඩි 08 ක කාළයකින් පුළුස්සා නිම කර ගැනීමට හැකි වුණා.

මෙය අගල් 50 දිග කිලෝ ග්‍රෑම් 12 ක බර පීට්සා එකක්.

මෙය රස බැලීම සදහා 100 කට අධික පිරිසක් මෙම හෝටල් පරිශ්‍රයට පැමිණ සිටි අතර එකවර 08 දෙනෙකුට භුක්ති විදීමට හැකි වන පරිදි අගල් 25 ක් දිග වන ආකාරයට සකස් කර  පීට්සා කැබළි ඔවුන්ට ආහාර සදහා  පිපිරිනැමීම ද සිදු කෙරුණා

ඉකුත් 2021 වසරේ දී මෙම හෝටලය අගල් 40 ක් දිග පීට්සා වක් ලෝක පීට්සා දිනය නිමිත්තෙන් සකස් කර තිබුණා.

Last modified on Friday, 09 February 2024 12:38

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us