ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීම‌ට එක්වන ලෙස පර්ත් නුවර ශ්‍රී ලාංකික ප්‍රජාවට ජනපතිගෙන් ඇරයුම්

Published in පුවත්
Friday, 09 February 2024 13:29

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර හමුවක් අද (09) පෙරවරුවේ සිදුවිය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ මෙහිදී ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ සක්‍රියව එක්වන ලෙස ද ඔවුන්ට ඇරයුම් කළේය.

ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මෙහිදී අගය කළ ශ්‍රී ලාංකිකයෝ දේශගුණික විපර්යාස, සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍රවල සංවර්ධනයට අදාළව රජයට සහාය ලබාදීමට ද කැමැත්ත පළ කළහ.

ඔවුන් මතු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රටේ දියුණුව වෙනුවෙන් දීර්ඝ කාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තම රජය කැපවී සිටින බවයි.

පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ඇතුළු ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ශ්‍රී ලාංකික ඩයස්පෝරාව දැනුවත් කළේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයක් මෙරට පිහිටුවීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක කරුණු පැහැදිලි කළ අතර රජය සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමට ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට එමගින් අවස්ථාව සැලසෙන බව ද පෙන්වා දුන්නේය.

පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද පාලන විනිශ්චය පිළිබඳ වාර්තාව ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ සාගල රත්නායක  මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ අඛණ්ඩ සහාය ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ දී විදේශගතව සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහාය ලබාගැනීමට රජය ආරම්භ කර ඇති වැඩසටහන් පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි  මෙහිදී කරුණු පැහැදිලි කළේය.



Last modified on Friday, 09 February 2024 13:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us