වියළි කාලගුණයෙන් මරණය පවා ඇතිවිය හැකියි - වෛද්‍ය දීපාල්

Published in පුවත්
Monday, 12 February 2024 13:02

මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝගවල ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

වෛද්‍යවරයා සඳහන් කළේ, දරුවන්ට මෙම තත්ත්වය දැඩි බලපෑමක් එල්ල කර ඇති බවය.

හතිය වැනි රෝග ලක්ෂණ සහිත දරුවන්ට වුවත් මේ දිනවල නෑමට අවස්ථාව ලබාදිය යුතු බව වෛද්‍යවරයා සඳහන් කළේය.

දිනකට දෙපාරක් හෝ නෑමට ඉඩ ප්‍රස්ථාව දරුවන්ට ලබාදිය යුතු බවත් චර්ම රෝග ඇති අයෙක් නම් උදෑසනට හා රාත්‍රීයට විනාඩි 20ක පමණ කාලයක් ජලයේ සිටීමෙන් එම තත්ත්වය යම් දුරකට පාලනය කරගත හැකි බවත් වෛද්‍ය දීපාල් පෙරේරා‍ පැවසුවේය.

දරුවන් දවල් කාලයට ක්‍රීඩා කටයුතු සිදුකරන්නේ නම් ගෘහස්ත ස්ථානයක් ඒ සඳහා ලබාදී ප්‍රායෝගික ක්‍රියාවලියක් සිදුකළ යුතු බවත්, නිසි පරිදි ජලය හා දියර වර්ග පානය කිරීමට ලබානොදීමෙන් තාප කම්පන තත්ත්වයන්ට පත්ව මරණ පවා ඇති විය හැකි බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us