ජනවාරියේත් ඩොලර් වැස්සක් වැටිලා Featured

Published in පුවත්
Monday, 12 February 2024 21:21

පසුගිය ජනවාරි මාසය තුළදිත් මෙරට සංචාර ව්‍යාපාරයෙන් උපයනු ලැබු සහ විදේශ ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලැබු මුදල් (ප්‍රේශන) ආදායම ඩොලර් මිලියන 800 ඉක්මවන ඉහළ අගයක් පෙන්නුම් කර තිබේ.


ඒ අනුව 2023 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 38 ක ( ක්ෂේත්‍ර දෙකෙහි එකතුව ඩොලර් මිලියන 600) වර්ධනයක් වන අතර 2022 වසරට සාපේක්ෂව සියයට 102 ක (ක්ෂේත්‍ර දෙකෙහි එකතුව ඩොලර් මිලියන් 41) වර්ධනයක් පෙන්නුම් කර ඇත. පසුගිය දෙසැම්බර් මාසය තුළදිත් ඩොලර් මිලියන 800 ඉක්මවා තිබිණි. සාමාන්‍යයෙන් දෙසැම්බර් ජනවාරි මාස වල විදේශ ප්‍රේශන ලැබීම් වල අඩුවක් ‌දකින්නට ලැබුණත් පසුගිය වසර කිහිපය හා සැසදීමේදී ඉහළ වර්ධනයන් අත්පත් කරගෙන ඇත.

විශේෂයෙන්ම පසුගිය ජනවාරියේ විදේශ සංචාරකයන්ගේ පැමිනීමේ ඉහළ වර්ධනයක් ඇතිව තිබිණි. එමෙන්ම පෙබරවාරි මාසයේ ගෙවුනු දින කිහිපයේදී එම වර්ධනාත්මක තත්වය තවදුරටත් ඉහළ ගොස් තිබිණි. ඒ අනුව පෙබරවාරි මාසයේ පළමු දින 8 තුල 60,000 කට අධික සංචාරකයන් පැමිණ තිබිණි.
කෙසේ නමුත් 2018 සිට 2020 වසර වල ජනවාරි මාසයේ සංචාරක ඉපැයීම් ඩොකර් මිලියන 450 කට ආසන්න මටට්ම වල පැවැති අතර මෙම වසරේ ආදායම ඩොලර් මිලියන 342 ක පමණ වෙයි.

ඒහෙත් මේ වන විට කෙටි කාලයක් තුළ සංචාරකයන්ගේ පැමීණිමේ සීග්‍ර වර්ධනයත් සමඟ ඔවුන්ට නවාතැන් පහසුකම් සැපයීමේ අසීරුතාවයකට සංචාරක ක්ෂේත්‍රය මුහුණ පා තිබෙන බවත් වාර්ථා වෙයි. පසුගිය කාලයේ කොවිඩ් තත්වයන් හා ආර්ථික අර්බුද නිසා එම ක්ෂේත්‍රය අර්බුදයකට ලක් වීම නිසා කර්මාන්තයෙන් බොහො පිරිසක් ඉවත් වීම සිදු විය. නවාතැන් පහසුකම් අවම වීමට ද එය හේතුවක් තිබිණි. තවමත් මෙම ක්ෂේත්‍රය යථා තත්වයට පත් වීම සෙමින් සිදු වෙමින් තිබේ.

 Sri Lanka remittances and tourism

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us