පාසැල් වලින් දේශපාලනඥයන්ගේ නම් ගලවන්නැයි නියෝග

Published in පුවත්
Wednesday, 14 February 2024 11:01

ජීවතුන් අතර සිටින දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් හඳුන්වන පාසල්වලින් එම නම් ඉවත් කරන ලෙසට සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පැවසීය.

සියලු ම ආණ්ඩුකාරවරුන් එළඹෙන සිකුරාදා (පෙබ. 16) හමුවී මෙම තීරණය දැනුම් දෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේ ය.

එසේ ම ,ජීවතුන් අතර සිටින කිසිවකුගේ නමක් මින් ඉදිරියට පාසල්වලට නොයොදන ලෙසට එහිදී උපදෙස් දෙන බව ද හෙතෙම කීය.

පාසල් ආදි ශිෂ්‍ය සංගම්වල ඉල්ලීම අනුව පසුගිය කාලයේදී දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් ජීවත්ව සිටියදී පාසල්වලට නම් යොදා තිබෙන බව පැවසූ ඇමතිවරයා මින් ඉදිරියට එය සිදුකිරීමට ඉඩ නොදෙන බව ත්, ඒ සඳහා අවශ්‍ය නීති ගෙන එන බ වත් ප්‍රකාශ කළේ ය.

මේ අතර, දේශපාලනඥයන් පාසල්වලට ගොස් ආධාර ලබා දෙන මුවාවෙන් සිදු කරන දේශපාලන කතා නතර කිරීමට පියවර ගන්නා බව ද ප්‍රේම්ජයන්ත පැවසීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us