අස්වැසුමේ දෙවන අදියර සදහා ඉල්ලුම් පත් භාර ගැනීම අද සිට

Published in පුවත්
Thursday, 15 February 2024 09:13

අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ වේ.

මාසයක කාලයක් එම අයදුම්පත්‍ර භාරගැනීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  පවසයි.

ඒ අනුව දෙවන අදියර යටතේ පවුල් ලක්ෂ 04කට පමණ අස්වැසුම ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පවසා තිබේ.

අස්වැසුම අයදුම්පත් ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කල අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"අයදුම්පත්‍ර ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වෙන සියලුදෙනාටම මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කළ හැකියි. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇති විශේෂ ඒකකවලටත් ලබාදිය හැකියි. අපි බලාපොරොත්තු වෙනවා මාසයක කාලයක් අස්වැසුම අයදුම්පත්‍ර කැඳවීමට. පළමු වටයේ ලක්ෂ 20ක් සඳහා අස්වැසුම ලබාදුන්නා. දෙවැනි වටයේ දී එය ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා. ජූලි මාසයේ දී සහතික කරලා ඔවුන්ට අවශ්‍ය සුබසාධන දීමනා ලබාදීමට බලාපොරොත්තු වෙනවා. සමස්තයක් ලෙස මේ වසර තුළ රු බි 205ක මුදලක් රජය විසින් සුබ සාධනය සඳහා වැය කිරීමට බලාපොරොත්තු වෙනවා."

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us