බදුල්ල දිස්ත්‍රික්කය පුරා වායුගෝලයේ දූවිලි

Published in පුවත්
Thursday, 15 February 2024 14:37

බදුල්ල දිස්ත්‍රික්කයේ වායුගෝලයේ දූවිලි අංශු සාන්ද්‍රනය පැවතිය යුතු මට්ටමට වඩා ඉහළ ගොස් ඇති බවට වාර්තා වන බව බදුල්ල ආපදා  කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර පැවසීය.

ශ්‍රී ලංකාව තුළට බාහිරින් හමා එන සුළං වල පවතින කුඩා ප්‍රමාණයේ දූවිලි අංශු  මේ දිනවල රට අභ්‍යන්තරයට පැමිණ බදුල්ල දිස්ත්‍රික්කය පුරා වායුගෝලයේ ව්‍යාප්ත වීම මේ තත්වයට බලපා තිබේ.

කඳු පද්ධතියේ ඈත දර්ශනය බලන විට අඳුරු පැහැති මීදුම්  තත්ත්වයක් දර්ශනය වන බවද කියයි.

මෙය සාමාන්‍ය වායුගෝලයේ පැවතිය යුතු  දූවිලි ඝනත්වයට වඩා ඉහළ ඝනත්වයක් බවට තොරතුරු අනාවරණය වන බව ඔහු පැවසීය.

මේ හේතුව නිසා සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයට බලපෑම් එල්ල විය හැකි බවත් විශේෂයෙන් මේ තත්ත්වය යටතේ කුඩා දරුවන් වැඩිහිටියන් ස්වසන ආබාධ ඇති අය ප්‍රවේශම් වීම  වැදගත් බවත් මේ පිළිබඳව සෞඛ්‍ය අංශවලද විශේෂ අවධානය යොමුවී ඇති බවත් ඒ පැවසීය.

මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විශේෂ අවධානය යොමු කර ඇති බවද උදය කුමාර වැඩිදුරටත්  පැවසීය. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us