රබර් කිරි කැපීමේ ප්‍රවීණයන්ට ජාතික වෘත්තීය නිපුණතා සහතික Featured

Published in පුවත්
Friday, 16 February 2024 09:54

රබර් කිරි කපන්නෝ 169 දෙනෙක් අගලවත්ත රබර් පර්යේෂණායතනයේදී ජාතික වෘත්තීය නිපුණතා සහතික (NVQ-3)සහතික පත් ලැබූහ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීමක් අනුව ජාතික ආධුනිකත්ව මණ්ඩලය දෙසතියක විධිමත් පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව මෙම NVQ-3 සහතිකය පිරිනැමීය.

රබර් කිරි කැපීමේ කම්කරුවන් ලෙස හැඳින්වූ පිරිසගේ වෘත්තිය ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත් බව කී කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඔවුන් මින් පසු රබර් අස්වනු සහායකයින් ලෙස හඳුන්වන බවත් ජාතික වෘත්තිය නිපුණතා සහතික පිරිනැමීමේ දී රබර් අස්වනු සහායකයින්ට ලෝගුවක් පළඳවා සහතික පත් පිරිනැමීමට රබර් පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබූ බවත් පැවසීය.

මීට අමතරව තල්, කිතුල්, හා පොල් කර්මාන්තය ආශ්‍රිතව රා මඳින හා ගෙඩි කඩන පුද්ගලයින්ටත් මෙම NVQ-3 සහතිකපත් දුන් බවද එම කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින්ට මෙවැනි පුහුණුවක් සමග සහතික පත් ලැබීම නිසා ඔවුන්ට විදේශගත වී ආදායම් ඉපයීමටත් අවස්ථාවක් ලැබෙන බව අමාත්‍යවරයා කීය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සහතික පත් ප්‍රදානය සිදු කෙරුණු අතර එම අවස්ථාවට රබර් පර්යේෂණ මණ්ඩලයේ සභාපති ලක්ෂ්මන් අබේගුණසේකර, ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ උප සභාපති එස්. එච්. හරිස්චන්ද්‍ර මහත්වරු ද සහභාගී වූහ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us