ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු අද දිවයිනට

Published in පුවත්
Saturday, 17 February 2024 09:00

ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ඇතුළු 300 කට අධික පිරිසක් අද(17) මෙරට පැමිණීමට නියමිතව තිබේ.

ඒ, ලබන 20 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා- පැසිෆික් කළාපීය සමුළුවට සහභාගිවීම සඳහා ය.

ඊට අමතරව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද හෙට දිනයේ මෙරටට පැමිණීමට නියමිත අතර මහජන චීනය, මැලේසියාව, ජපානය, පකිස්ථානය, බංග්ලාදේශය ආදි රටවල් රැසක කෘෂිකර්ම අමාත්‍යවරුද මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බවට දැනුම්දී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට සඳහන් කළේ ය.

මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 20 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් රටවල් රැසක අමාත්‍යවරු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us