සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගැටලු ගැන සාකච්ඡා කරන්න විශේෂ කමිටුව රැස්වේ

Published in පුවත්
Tuesday, 20 February 2024 08:36

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට පත් කළ විශේෂ කමිටුව අද (20) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත සඳහන් කළේ, එම කමිටුව අද පස්වරු 3.00 ට රැස්වීමට නියමිත බවයි.

ඔහු සඳහන් කළේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට පත් කළ විශේෂ කමිටුවට සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් ඇතුළත්ය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අතර ඊයේ (19) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී එම කමිටුව පත් කෙරුණි.

වෛද්‍යවරුන් සඳහා වැඩි කළ රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක් ව පසුගිය සති කිහිපය තුළ අවස්ථා දෙකකදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත විය.

මේ අතර සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම සඳහන් කළේ, වෘත්තීය සමිති අද පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වන බවයි.

-P.Mසෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගැටලු ගැන සාකච්ඡා කරන්න විශේෂ කමිටුව රැස්වේ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us