මිනිස් සිරුරට අහිතකර ආලේපන වටලයි

Published in පුවත්
Thursday, 22 February 2024 08:48

මිනිස් සිරුරට ප්‍රබල හානි කරන තත්ත්වයක් ඇති රසායනික සංයෝග අඩංගු රූපලාවන්‍ය ආලේපන තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම වැටලීම ඊයේ (21) දහවල් පිටකොටුව දෙවන හරස්වීදියේ සිදුකර තිබුණේ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසිනි.

පොලීසිය සඳහන් කළේ රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිත කරන එම ආලේපන අලෙවි කළ වෙළෙඳසැල් 04ක් එලෙස වැටලූ බවය.

අදාළ වෙළෙඳසැල් හිමිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මිනිස් සිරුරට අහිතකර ආලේපන වර්ග 1143ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 22,25,45,52 යන වයස්වල පසුවන කළගෙඩිහේන, මොරටුව, වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us