සැත්කමින් පසු දරුවාගේ මරණය අපරාධයක් නම් වෛද්‍යවරයා වහාම අත්අඩංගුවට ගන්න

Published in පුවත්
Thursday, 22 February 2024 09:09

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව දෙහැවිරිදි දැරිය මිය යාමේ සිද්ධිය අපරාධයක් නම් ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා බොරැල්ල පොලිසියට නියෝග කරමින් දන්වා සිටියේය.

වකුගඩුවක් අසාත්මිකව රෝහලට ඇතුලත් කළ දැරිය වකුගඩු දෙකම අහිමිව මියයාම මනුෂ්‍ය ඝාතනයක් බවත්, සැත්කම කළ වෛද්‍යවරයා රටින් පැන ගොස් ඇති බවත්,සැකකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිසියට නියෝග කරන ලෙසත් ජනාධිපති නීතීඥ පයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

අපරාධයක් බව අනාවරණය වූයේ නම් ඒ සම්බන්ධයෙන් පියවර නොගත්තේ මන්දැයි පොලිසියට ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා මෙහිදී විමසා සිටියේය. දැරිය මිය ගිය පසුව පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ප්‍රකාශ සටහන් කළ බවත් ඒවන විටත් වෛද්‍යවරයා රටින් ගොස් තිබූ බවත් පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

මහේස්ත්‍රාත්වරයා: මේ රටේ අපරාධයක් කරලා පිටරටක ගිහිල්ලා ඉන්න පුළුවන්ද?

පොලිසිය:අධිකරණයේ නියෝග පරිදි කඩි නමින් පියවර ගන්න පුළුවන් ස්වාමීනී.

මහේස්ත්‍රාත්වරයා; පොලිසියට නීතිය ක්‍රියාත්මක කර පියවර ගැනීමට සඳහා අධිකරණ නියෝග අවශ්‍ය වන්නේ නැහැ.වෛද්‍යවරයා ඉන්න රට දැන් දන්නවනම් වහාම ඒ සඳහා පියවර ගන්න අදාළ නියෝග නිකුත් කිරීමට අවශ්‍ය ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන්න මම වහාම නියෝග නිකුත් කරන්නම්.දැනට මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය යනවා ඒ මරණ පරීක්ෂණයටත් මේ වෛද්‍යවරයා අවශ්‍යයි නේද?යනුවෙන් මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේය.

අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා කඩිනමින් නියෝග නිකුත් කරන බව පොලිසියට දන්වා සිටියේය.

කොටහේන ප්‍රදේශයේ පදිංචි මවුපිය යුවළකගේ අවුරුදු දෙකක් වයස හම්දි නමැති දැරියගේ වම් වකුගඩුව අක්‍රිය වීම හේතුවෙන් එය ඉවත් කිරීමට කළ ශල්‍ය කර්මයෙන් මාස හයකට පමණ පසුව දකුණු වකුගඩුවද නොමැතිව දරුවා මිය යාම සම්බන්ධයෙන් සිදුකරන මහේස්ත්‍රාත් පරීක්ෂණ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.

බොරැල්ල පොලිසියේ සහකාර පොලිස් පරීක්ෂක එම් වි දයාසිරි මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.

.2022දෙසැම්බර් 22 වන වම් වකුගඩුවේ සංකූලතාවයක් හේතුවෙන් දැරිය රෝහලට ඇතුලත් කර ඇති අතර එය අක්‍රිය තත්ත්වය පවතින හෙයින් හරීන් විජයකෝන් ශල්‍ය වෛද්‍යවරයා සැත්කම් කර ඇති බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි .

ඒ අනුව එක් වකුගඩුවක් ඉවත් කිරීමට ශල්‍ය කර්මය කළ බවත්.රෝහලේ මාස හතක් ප්‍රතිකාර ලැබූ ලැබූ දැරිය මිය යන විට වකුගඩු දෙකම අහිමිවූව තිබූ බවත්,සැත්කම සඳහා සහාය දැක්වූ ළමා රෝහලේ අදාළ වාට්ටුව භාරව කටයුතු කළ හිටපු වෛද්‍ය ගාල්ලගේ මහත්මිය පසුගිය නඩු වාරයේදී සාක්ෂි දෙමින් පැවසුවාය.

අගතියට පත් දෙමාපියන් වෙනුවෙන් නීතිඥ හා වෛද්‍ය යුසුප් මහතා අධිකරණයේ පෙනී සිටියේය.නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 27 දිනට නියම කෙරිණි.

-ලංකාදීප

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us