Sex ගැන රජයේ නිල ප්‍රකාශනයක් මාර්තු 07 වනදා එළිදැක්වේ   Featured

Published in පුවත්
Tuesday, 27 February 2024 23:24

ලබන මාර්තු මස 7 වැනි දින පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදනය කළ නව අධ්‍යාපන ප්‍රකාශන එළිදැක්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පර්යේෂණ මත තහවුරු වී ඇති ශ්‍රී ලංකාවේ ගැටලු රැසකට පාදක වී ඇති පුද්ගලයින්ගේ ලිංගිකත්ව අධ්‍යපනය පිළිබඳ අල්පවූ දැනුම වර්ධනය කිරීමේ මූලික අරමුණ පෙරදැරිව මෙම ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන සකස් වී ඇති බව නිලධාරීහු සංසදය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළහ.

පෙරපාසල් දරුවාගේ සිට 13 වැනි ශ්‍රේණියේ පාසල් දරුවන් දක්වා මෙන්ම වැඩිහිටි ප්‍රජාව උදෙසා මෙලෙස එම අධ්‍යාපන ප්‍රකාශන සකස් කර ඇත. මෙම ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන, අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පුර්ණ අධීක්ෂණය හා අනුමැතිය යටතේ අදාළ ක්‍ෂේත්‍රවල විශේෂඥයින් විසින් සම්පාදනය කර ඇති බව නිලධාරීහු සංසදයට පැවසූහ.

පළමු අදියර යටතේ මෙම ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන 'විද්‍යුත් ප්‍රකාශනයක්' (e-paper)ලෙස ලබාදීමට යෝජනා කර ඇත. ඒ අනුව මෙලෙස සමාජයේ සියලුම වයස් කාණ්ඩ සඳහා විධිමත් ලෙස ලිංගිකත්වය පිළිබඳ දැනුම ලබාදීම ඔස්සේ සමාජයේ මතුවෙමින් පවතින අර්බුද රැසක් සමනය කරගත හැකි බව මෙන්ම පාසල් දරුවා වඩාත් සුරක්ෂිත කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව නිලධාරීහු සංසදය හමුවේ අවධාරණ කළහ.

මේ අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, ඉරාන් වික්‍රමරත්න, කේ. සුජිත් සංජය පෙරේරා, ඉම්රාන් මහරූෆ් යන මහත්ම මහත්මීන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද සහභාගී වී සිටියහ.

දිනමිණ ඇසුරෙණි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us