ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය පණ ගන්වන්න ණය යෝජනා ක්‍රමයකට කැබිනට් අනුමැතිය

Published in පුවත්
Wednesday, 28 February 2024 08:13

ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ,අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සඳහා කාරක ප්‍රාග්ධනය සහාය ලබාදීමට ආසියා සංවර්ධන බැංකුව එකඟතාවය පළ කර ඇති බවයි මෙරට රජය සඳහන් කරන්නේ.

යෝජිත වැඩසටහන මගින් දැනට ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් පුළුල් කර ගැනීමට සහ ප්‍රකෘතිමත් කර ගැනීමට අවශ්‍ය ණය පහසුකම් බල පත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු හරහා සහනදායී පොලී අනුපාත ලබාදීමට අපේක්ෂා කෙරේ.

රජය පවසන්නේ, අදාල ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන විස්සක් යෙදවීමට නියමිත අතර ඉන් රුපියල් බිලියන 15ක් දැනට පවත්වාගෙන යනු ලබන සහ නව ව්‍යවසාය ශක්තිමත් කිරීමටත්,ඉතිරි රුපියල් බිලියන 5ක මුදල අක්‍රීය ණය කාණ්ඩය යටතේ පවතින ව්‍යවසායකයන්ට සහාය වීමටත් යොදවනු ඇති බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us