අධික රස්නය නිසා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published in පුවත්
Wednesday, 28 February 2024 12:53

රට තුළ මේ වන විට පවතින අධික උණුසුම් කාලගුණ තත්වය තව දුරටත් ඉහළ යා හැකි නිසා අද (28) සිට අනිද්දා (1) යන දිනවල පාසල් දරුවන් එළිමහනේ රැදී සිටීමෙන් වැළකිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

කිසිඳු පාසල් සිසු දරුවෙක් ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහන් පුහුණු කටයුතුවල හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකම්වල හෝ යෙදවීමෙන් වළකියන ලෙස ද එම නිවේදනයෙහි සදහන්ය.

ඒ අනුව කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙස දැනුම් දී ඇත.

සියලුම පාසල් විදුහල්පතින්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මේ වනවිටත් පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් වෙත නිකුත් කර ඇති උපදෙස් අනුව ඉදිරියේ දී කටයුතු කරන ලෙස අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

Last modified on Wednesday, 28 February 2024 14:26

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us