වැලිපැන්නේ ඝාතනයක්

Published in පුවත්
Thursday, 29 February 2024 09:40

වැලිපැන්න පොලිස් වසමේ පැලකැටියාගොඩ, හොරවල ප්‍රදේශයේ දී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙසේ ඝාතනය කොට ඇත්තේ පැලකැටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සිව්දරු පියෙකු වන මල්ලවආරච්චි කන්කානම්ගෙ තරිදු ධනංජය නමැති පුද්ගලයෙකි.

මරණයට පත් පුද්ගලයා පැලකැටියාගොඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් අසල රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු හා බහින්බස්වීමක් සිදුවී ඇත.

ඉන්පසුව එම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු එකවරම මරණකරු වෙත පිහි ප්‍රහාරයක් එල්ල කොට ඇති අතර, එම පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරිදු අසල පිහිටි නිවසක් වෙත දිව ගොස් තිබේ.

ඉන් පසුව ඔහු එම නිවස මිදුලේ ඇද වැටීමත් සමගම මොවුන් දෙදෙනා පිහි පාරවල් කිහිපයක්ම මරණකරුගේ උදරය ප්‍රදේශයට සහ පපු ප්‍රදේශයට එල්ල කොට ඇත ඇති අතර ඉන්පසු එම පුද්ගලයින් දෙදෙනා ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.

මෙම පිහි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ තරිදු ධනංජය බරපතළ තුවාල ඇතිව ප්‍රදේශවාසීන් විසින් ඔහුව මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇතැයි වෑත්තෑව රෝහල සඳහන් කළේය.

එම පහරදීමට පැමිණි පුද්ගලයින් දෙදෙනා මේ වන විටත් වැලිපැන්න පොලීසිය මඟින් කවුරුන්ද යන්න පිළිබඳව හඳුනාගෙන ඇත.

මෙම පහරදීමට පැමිණි පුද්ගලයින් දෙදෙනා පැමිණි යතුරු පැදිය ද ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල දමා පළා ගොස් තිබූ අතර, උරණ වූ ප්‍රදේශවාසීන් එම යතුරු පැදියට ගිනි තබා විනාශ කොට ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us