අදානි කොළඹ වරායෙන් ලොකු ඉඩමකුත් ඉල්ලලා.

Published in පුවත්
Thursday, 29 February 2024 11:39

ඉන්දියාවේ අදානි (Adani) සමූහ ව්‍යාපාරය කොළඹ වරායේ සැපයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා  ඉඩමක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

නාවික ගමනාගමනයේ  උපායමාර්ගික වශයෙන් අතිශය වැදගත් කොළඹ වරාය තුළ සිය පැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර නාවික සැපයුම් කටයුතු සඳහා කොළඹ කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිතා කිරීම ඉන්දියානු සමූහ ව්‍යාපාරයේ බලාපොරොත්තුව වේ.

Adani සමූහය විසින් විධිමත් ආකාරයෙන්, කොළඹ වරායෙන් ප්‍රවාහන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ඉඩමක් ඉල්ලා සිටීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය එහි බල ප්‍රදේශය තුළ ඇති ඉඩම් සලකා බලමින් සිටින අතර, ඉල්ලීම දැනට ඇගයීමට ලක්ව ඇති බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) සභාපති කීත් ඩී. බර්නාඩ් 'ෆිනෑන්ස් ටුඩේ' වෙත පවසා ඇත.. නමුත් නිශ්චිත මූල්‍ය තොරතුරු හෝ කැපවීම් තවමත් අනාවරණය කර නොමැති බවද ඔහු තවදුරටත් පවසයි.

කෙසේ වෙතත්, එය තවමත් සාකච්ඡා සඳහා මුල් අදියරේ පවතින අතර,  යෝජිත සැපයුම් මධ්‍යස්ථානයේ සාධාරණත්වය සහ හිමිකාරිත්වය පිළිබඳ ව්‍යුහය තවමත් සාකච්ඡා කෙරෙමින් පවතින නමුත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් වඩාත් කැමති රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) ආකෘතිය අනුගමනය කිරීමට බවද සභාපතිවරයා පවසයි.

ඉන්දියන් සාගරයේ සිය සමුද්‍රීය තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා කොළඹ වරායේ, බටහිර බහාලුම් පර්යන්තය (AWCT) ගොඩනැගීම Adani සමූහය විසින් මේ වන විට සිදුකරමින් තිබේ. නව පර්යන්තය කොළඹ වරායට බටහිර දෙසින් කිලෝමීටර් 9 ක් දුරින් හෙක්ටයාර 20 ක භූමි භාගයක් අත්පත් කර ගනු ඇත. මීටර් 1200ක් දිග මුහුදු තීරයක් වටා නිර්මාණය කර ඇති මෙම පර්යන්තයට විශාලතම බහාලුම් නැව් හැසිරවීමේ හැකියාව ඇත. වඩාත්ම දියුණු ගැන්ට්‍රි දොඹකර සහ තොරතුරු තාක්‍ෂණ පද්ධති වලින් සමන්විත වන මෙම පර්යන්තය, ඈත පෙරදිග සහ අප්‍රිකාව සහ යුරෝපය අතර යාත්‍රා කිරීමේ විශාල ලෙස අඩු කරමින් ලෝකයේ වැදගත්ම ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරනු ඇත.

මේ අතර, චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංග්ස් සමාගම දැනටමත් ශ්‍රී ලංකාවේ ප්‍රවේශ ඉංජිනේරු සහ කොළඹ වරාය සමඟ ඩොලර් මිලියන 392 ක දැවැන්ත සැපැයුම් මධ්‍යස්ථානයක් ගොඩනැගීමට ක්‍රියාත්මක වෙමින්  ඇත.

මහල් අටකින් සහ වර්ග මීටර් 530,000 ක ධාරිතාවකින් යුත් ගොඩනැගිල්ලක් වන මෙය  ඉදිකිරීම්  2023 හි මැදභාගයේදී ආරම්භ වූ අතර 2025 වසර වන විට අවසන් වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us