ගාල්‌ලේ රෝහල් හදන්න කෝටි 500ක්

Published in පුවත්
Thursday, 29 February 2024 15:22

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රි­ක්කයේ දිසා රෝහල් සහ සෞඛ්‍ය සේවා කාර්යාලවල උපකරණ සහ අලුත්වැඩියාවන් සඳහා රුපි­යල් කෝටි පන්සීයක් (500) ක් මේවන විට ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ඊයේ (28) පැවති ගාල්ල දිස්ත්‍රික්කයේ විශේෂ සම්බන්ධිකරණ කමිටුවේදී අනාවරණය කරනු ලැබීය.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අලුත්වැඩියාවන් සඳහා කෝටි 100ක් ලබාදී ඇති බවත් එම මුදල් යොදවා දැනට වැඩ අවසන් කර නොමැති සියලුම ඒකකයන් සම්පූර්ණ කිරීමට හැකි බවත් අමාත්‍යවරයා කීය. රෝහ­ලට අවශ්‍ය නවීන උපකරණ ලබා ගැනි­මට තවත් කෝටි 100 ක් ද මේ යටතේ වෙන්කර දී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

බළපිටිය හා ඇල්පි­ටිය රෝහල් සඳහා මෙම මුදල්වලින් කෝටි 200 ක් වෙන්වන බවත් එයට අමතරව උඩු­ගම රෝහලට කෝටි 08 ක් ද වෙන්කර ඇතැයි ද අමාත්‍යවරයා කීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා නිලධාරි කාර්යාල 40 සඳහා ද මෙම ප්‍රතිපාදන යටතේම කෝටි 40 ක් වෙන් වී ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා එම මුදල්වලට අමතරව වෙනත් කටයුතු සදහා රුපියල් කෝටි40 ක් ද වෙන් කර ඇති බවත් මේ මුළු මුදල් කෝටි 500ම ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා සංවර්ධන සදහා යොදවනු ලබන බවත් පැවැසීය. මෙම විශේෂ රැස්විම සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග එක්ව සිටි අතර ගාල්ල දිසා ලේකම් ශාන්ත වීරසිංහ  විසින් මෙම රැස්විම සංවිධානය කරනු ලැබු තිබිණ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us