යාපනයේ දූපත් 03ක‌ට පුනර්ජනනීය හයිබ්‍රිඩ් බලශක්ති පද්ධතියක්

Published in පුවත්
Friday, 01 March 2024 14:59

යාපනයේ දූපත් 03ක හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා අදාළ ගිවිසුම් අද (01) අත්සන් කර තිබේ.

ඒ සඳහා ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 10.995ක ප්‍රදානයක් කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් යන දූපත් සඳහා 2025 මාර්තු වනවිට විදුලිබලය සැපයීමට නියමිතය.

සුළං බලයෙන් කිලෝවොට් 530ක්, සූර්ය බලයෙන් කිලෝවොට් 1700ක්, විද්‍යුත් කෝෂ හරහා කිලෝවොට් 2400ක් සහ ඩීසල් යොදාගෙන කිලෝවොට් 2500ක් උත්පාදනය කෙරෙයි.

මෙම ව්‍යාපෘතිය "USOLAR" සමාගම විසින් ක්‍රියාත්මක කරන බව X පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us