සාක්කු තර කරගත් මහබැංකු නිලධාරීන්ට වැඩ වරදීද ? තීරණය හෙට Featured

Published in පුවත්
Sunday, 03 March 2024 08:40

මහත් ආන්දෝලනයකට තුඩු දෙන ආකාරයට සියයට හැත්තෑවකින් වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු බලධාරින් හෙට (04) දිනයේ කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබෙන බව වාර්තා වනවා.

මෙම වැටුප් වැඩිකර ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී අනිද්දා (05) පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට හා මුදල් කාරක සභාවට ද මහ බැංකුව කැඳවනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

මුලින්ම මුදල් කාරක සභාවට මහ බැංකුව කැඳවා තිබූ නමුත් පෙරේදා (01) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත්තේ මුලින්ම පක්ෂ නායක රැස්වීමට මහ බැංකුව කැඳවිය යුතු බවටයි.

පක්ෂ නායක රැස්වීමට පැමිණ සිටි පක්ෂ විපක්ෂ සියලු දෙනාම එම තීරණයට එකඟතාව පළ කර ඇත්තේ පවතින තත්ත්වය මත එලෙස වැටුප් වැඩිකර ගැනීම සදාචාර නොවන බව සඳහන් කරමිනි.

පක්ෂ නායක රැස්වීමට පැමිණ සිටි ඇමැතිවරයෙක් ප්‍රකාශ කර තිබෙන්නේ, ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු බලධාරින් කැබිනට් මණ්ඩලයට කැඳවා තිබෙන බවත්, එහිදී ද මේ සම්බන්ධයෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බවයි.

මහ බැංකුව ස්වාධීන වුවත් වැටුප් වැඩිකර ගැනීම පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී පෙන්වා දී තිබේ.

මහ බැංකු පනත් කෙටුම්පතට අන්තර්ගතව පැවැති වගන්තියක් පනතින් ඉවත්කර ඇත්තේ එම අවශ්‍යතාව නිසා යැයිද ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කර ඇත.

මෙම වැටුප් වැඩිකර ගැනීම සදාචාර නොවන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අප කළ විමසුමකදී ප්‍රකාශ කළා.

වැටුප් වැඩිකර ගැනීම පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව කරගත යුතු බවට අවශ්‍ය නම් මහ බැංකු පනතට සංශෝධන ඉදිරිපත් කළ හැකි බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us