එමගින් දිවි නැගුම ප්‍රතිලාභ හිමියන්ට ඇපකරුවන් නොමැතිව වාර්ෂිකව 4% පොලියක් යටතේ රුපියල් 50,000 දක්වා ණය මුදලක් ලබාගත හැකි වේ.
ඇමතිවරයා මේ බව කියා සිටියේ, ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මෙහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍ය වරයාගෙන් විමසා සිටියේ, වක්‍ර ආකාරයෙන් ලබා දෙන මැතිවරණ අල්ලසක් ලෙස ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කෙටි කාලයක් තිබියදී මෙම ණය මුදල ක්‍රියාත්මක කිරීම උපායක් ද යන්නයි.
එහිදී කියා සිටියේ එය මැතිවරණ අල්ලසක් නොව අවශ්‍ය මොහොතේ ජනතාව වෙනුවෙන් කරන උපකාරයක් බවයි.
දිවි නැගුම ප්‍රතිලාභී පුද්ගලයන් ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණයට යොදා ගන්නා බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ආණ්ඩුව විසින් ඉටු කර ඇති සේවය වෙනුවෙන් මේ ජනතාව ආණ්ඩුවට සහයෝගය දක්වන අතර ඔවුන් තම ඡන්දය ලබා දෙන්නේ ස්වේච්ඡාවෙන් බවයි.
රජයේ ආයතනයක පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මැතිවරණය සම්බන්ධයෙන් කරුණු ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටින බව අමාත්‍යවරයා පැවසුවේ ඌව පළාතේ සිදු වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කල විමසුමකට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරමිනි.
දිවි නැගුම බැංකු හරහා ප්‍රතිලාභී පවුල් ලක්ෂ පහළොවකට සෙත සලසන ණය යෝජනා ක්‍රමයක් ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Leave a comment
Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...