රාජ්‍ය සේවකයින්ට වැඩි කළ වැටුප ලබන 10 වනදා සිට

Published in පුවත්
Tuesday, 26 March 2024 07:30

රාජ්‍ය සේවකයින්ට වැඩි කළ රුපියල් 10,000ක දීමනාව සහිත අප්‍රේල් මස වැටුප ලබන 10 වැනි දා ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, විශ්‍රාමිකයින් සඳහා ලබාදෙන රු. 2500ක දීමනාව සහිත විශ්‍රාම වැටුප ද ලබන 10 වැනි දාට පෙර ලබාදෙන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ,

"රජයේ සේවකයින්ට වැටුප් රුපියල් 10,000 කින් වැඩිකළා. අපි 5,000 ගෙවාගෙන ආවා. දැන් 10,000ම අප්‍රේල් වැටුපට එකතුකරලා දෙනවා. මේක අපි අප්‍රේල් මාසයේ 10 වනදාට පෙර වැටුප සහ විශ්‍රාම වැටුප ලබාදීමට සූදානම්."

මේ අතර වැටුප් ගැටලුව මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට ගුරු විදුහල්පති සංගම් තීරණය කර තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us