දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල හෙට සුබ මොහොතින් ජනතා අයිතියට

Published in පුවත්
Tuesday, 26 March 2024 09:08

දකුණු ආසියානු කලාපයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ අභිවනයෙන් ඉදිකරන ලද ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල (ශික්ෂණ) ශ්‍රී ලාංකේය සෞඛ්‍ය පද්ධතියට එක් කිරීම හෙට (27) වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිති.

අභිනවයෙන් ඉදිකරන ලද ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල මහල් හයකින් සමන්විත වේ.

වාට්ටු 14 කින් සමන්විත මෙහි ඇදන් ධාරිතාවය 600 කි.

නවීන උපකරණවලින් සමන්විත ශල්‍යාගාර 06 ක්, නව ජන්ම හා දැඩි සත්කාර ඒකක 02 ක් සහ විශේෂිත ළමා ඒකකවලින් දකුණු පළාතේ ඉදිකෙරුණු ප්‍රථම මාතෘ රෝහල මෙය වේ.

2004 වසරේ දෙසැම්බර් මස 26 දින මෙරටට බලපෑ සුනාමියෙන් හානියට පත් මහමෝදර මාතෘ රෝහල කරාපිටියේ නව රෝහලක් ලෙස ඉදිකිරිමට එවකට ජර්මනියේ චාන්සලර්වරයාව සිටි ආචාර්ය හෙල්මුට් කෝල් මහතා තීරණය කළ අතර හෙල්මුට්කෝල් පදනම විසින් පිරිනැමුණු ප්‍රදානයක් මගින් රජය විසින් ලබාදුන් ඉඩමක සුනාමියෙන් වසරකට පසු එනම් 2005 දෙසැම්බර් 26 දින මේ සඳහා මුල් ගල තැබිණි.

මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් 2008 වසරේ මෙම ව්‍යාපෘතිය ඇනහිටි අතර 2012 වර්ෂයේදී නැවත මෙහි ඉදිකිරීම් ආරම්භකර ඇති අතර ඒ සදහා ජර්මනියේ KFW (ජර්මන් සංවර්ධන බැංකුව) හා මුදල් අමාත්‍යාංශය අතර ඇතිකරගත් ගිවිසුමක් මගින් යූරෝ මිලියන 28ක සහන මුදල් මේ සඳහා වෙන් කෙරිණි. 2

018 වර්ෂයේදී KFW බැංකුව සමඟ යුරෝ මිලියන 13ක් සඳහා වෙනම ගිවිසුමක් අත්සන් කළ නමුත් පසුව එම යුරෝ මිලියන 13ක ප්‍රදානයක් බවට පරිවර්තනය විය.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

අනං මනං

Connet With Us