ලංකාව අතැර ගොස් සිටි තායි එයාර්වේස් වසර හතරකට පසු යළි ලංකාවට

Published in පුවත්
Monday, 01 April 2024 09:14

වසර හතරකට පසු තායි එයාර්වේස් ගුවන් සමාගමට අයත් TG 307 දරණ ගුවන්යානය ඊයේ (31) රාත්‍රී 11.55ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ලඟා වූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

තායිලන්තයේ සිට මෙරටට පියාසර කර ඇති එම යානයෙන් තායි ජාතිකයින් ඇතුළු විදේශීය සංචාරකයින් 150 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

මෙම ගුවන්යානය අද පෙ.ව.7.05ට නැවත තායිලන්තය බලා පියාසර කර ඇති අතර, සෑම දිනකම තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් මෙහෙයුම් සිදු කෙරෙන බවයි කටුනායක ගුවන් තොටුපල බලධාරීන් පවසන්නේ.

මෙම ගුවන්යානය සහ සංචාරකයින් පිලිගැනීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයට පැමිණ සිටියා.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us