පාසල් දරුවන්ට පාසල් කාලය තුළදීම වෘත්තීය පුහුණුවක්

Published in පුවත්
Wednesday, 03 April 2024 08:11

9 ශ්‍රේණියෙන් ඉහළ පාසල් දරුවන් සඳහා පාසල් කාලය තුළදීම වෘත්තීය පුහුණුවක් ලබාදීම සඳහා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ ඊ. ඒ. ඩී. එස්. සේනාරත්න පැවසුවේ, කොළඹ හා තදාසන්න පාසල් 11ක මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි.

නියමු ව්‍යාපෘතිය වෘත්තීය පුහුණු අධිකාරිය හා කර්මාන්ත ආයතන 13ක් සමග එක්ව ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙය විෂය බාහිර ක්‍රියාකාරකමක් ලෙස පාසල් කාලය තුළදී හා ඉල්ලීම අනුව පාසල් කාලයෙන් පසුව සිදු කෙරෙන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ අතර විදුලි යතුරුපැදි නඩත්තුව සහ ඒ ආශ්‍රිත නඩත්තු කටයුතු, ගෘහස්ථ විදුලි පරිපථ, බලශක්ති කළමනාකරණය, හෝටල්, රූපලාවන්‍ය, ගොඩනැගිලි පින්තාරු ක්ෂේත්‍රය ඇතුළු වැඩසටහන් ඊට ඇතුළත් වේ.

මේ යටතේ සහභාගිවීමේ සහතිකයක් ද ලබාදීමට නියමිතයි. ඉදිරියේදී NVQ 3 වන මට්ටමේ සහතිකයක් ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us