එළවළු මිල සීඝ්‍රයෙන් පහළට

Published in පුවත්
Wednesday, 03 April 2024 11:26

මේ වන විට දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සීඝ්‍රයෙන් පහළ බැස තිබේ.

කැරට් කිලෝව රු. 200යි

බෝංචි රු. 80යි

බණ්ඩක්කා රු. 40යි

රාබු රු. 30යි

යාපනයේ වගා කරන ලද එළවළු අස්වනු ලැබීමත් සමඟ පසුගිය සති කිහිපයේ දී ඉහළ මිල ගණන් පැවැති එළවළු මිල පහළ බැස ඇති බව දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ පවසති.

බණ්ඩක්කා කිලෝවක මිල රුපියල් 40ක්, නෝකෝල් කිලෝවක් රුපියල් 60ක් පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 30ක් රාබු කිලෝවක් රුපියල් 30ක් වැනි තොග මිල ගණන්වලට ඊයේ දින අලෙවි වූ බව ව්‍යාපාරිකයෝ පවසති.

මේ හැරුණු කොට පසුගිය කාලයේ කිලෝව රුපියල් 2000 දක්වා ඉහළ ගිය කැරට් කිලෝවක් රුපියල් 200ක් ද ලීක්ස් කිලෝවක් රුපියල් 200ක් ද අමු මිරිස් කිලෝවක් රුපියල් 180ක් ද, බෝංචි කිලෝ රුපියල් 80ක් ද ගෝවා කිලෝවක් රුපියල් 100 කටද අලෙවි වූ බව වෙ‍ෙළන්දෝ පවසති.

මේ දිනවල උඩරට හා පහතරට මෙන්ම යාපනයේ එළවළු වෙ‍ෙළඳපළට ලැබීම හේතුවෙන් මිල ගණන් පහත ගොස් ඇති අතර ඉදිරියේ දී සිංහල දෙමළ මුස්ලිම් අවුරුදු සමයේ දී එළවළු මිලෙහි විශාල ලෙස වැඩිවීමක් අපේක්ෂා කළ නොහැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

මාතලේ මධ්‍යම සමූහ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us