කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසු රට ලෙස ශ්‍රී ලංකාව පළමු තැනට

Published in පුවත්
Wednesday, 03 April 2024 14:11

කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

ඒ ලෝ ප්‍රකට ‘ටයිම් අවුට්’ (timeout.com) සඟරාව විසින් සිදු කරන ලද නවතම සමීක්‍ෂණ වාර්වක් අනුවය.

තරුණ කාන්තාවන් බහු සංස්කෘතීන් සහිත රටවල් පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන අතර එහිදී කාන්තාවන්ට ඇති ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.

වැඩි වශයෙන් මෙලෙස තනිව සංචාරය සඳහා වයස අවුරුදු 28ට අඩු තරුණ පිරිස් ප්‍රියතාවක් දක්වන බව සඳහන්වේ.

කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතර දෙවන ස්ථානය පෘතුගාලයටත් තුන්වන ස්ථානය චෙකියා ජන රජයටත් හතරවන ස්ථානය ජපානයටත් ලැබී තිබේ.

කාන්තාවන්ට කිමිදීමට වඩාත් ආරක්ෂිත ස්ථාන, යුනෙස්කෝ ලෝක උරුම සහ නුවරඑළියේ චමත්කාරය, කන්ද උඩරට දුම්රිය සංචාර වැනි ආකර්ශනීය ස්ථාන හේතුවෙන් තනිව සංචාරයේ යෙදෙන විදේශීය කාන්තාවන්ට දකුණු ආසියාතික රාජ්‍යන් අතරින් ශ්‍රී ලංකාව සුදුසුම ස්ථානය ලෙස නම් කර ඇත.

මෙම ශ්‍රේණිගත කිරීමේ 05 වන ස්ථානය ග්වාතමාලාවටත්, 06 වන ස්ථානට ග්‍රීසියටත්, 07වන ස්ථානය ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

 

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us