විදෙස් රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයින් ගණන ඉහළට

Published in පුවත්
Thursday, 04 April 2024 14:01

2024 මුල් මාස 03 තුළදී ශ්‍රී ලාංකිකයින් 74,499 දෙනෙකු රැකියා සඳහා විදේශ ගත වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඉන් 34,599 දෙනෙකු, රැකියා සඳහා විදේශ ගතවූ කාන්තාවන් බවත් එම ප්‍රමාණය අදාළ කාලය තුළ විදේශ ගත වූ මුළු සංඛ්‍යාවෙන් සියයට 46 ක් බව එම කාර්යංශය පවසා ති‌බේ.

මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 39,900ක් වන අතර ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගත වී ඇත්තේ කුවේට් රාජ්‍යයට බවත් එම ප්‍රමාණය 17,793 ක් වේ.

කෙසේවෙතත් 2023 වසරේ මුල් මාස 3 තුළ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 76,025ක් විදේශ ගතවී තිබේ.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ පෙර වර්ෂවලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කරන බවයි.

ඒ අනුව 2024 මුල් මාස 3 තුළදී පමණක් දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයින් 2,374 දෙනෙකුද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 2,114 දෙනෙකුද, රුමේනියාවේ රැකියා සඳහා 1,899 දෙනෙකු හා ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 1,947 දෙනෙකු පිටත්ව ගොස් ඇත.

රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් 2024 මුල් මාස 2 තුළදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 963යි දශම 8ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us