ගිහිකල කළ වැරදි වලට දඩුවම් ඉල්ලන අපුරු හිමිනම Featured

Published in පුවත්
Friday, 05 April 2024 09:38

ගිහියෙකුව සිටියදී කරන ලද සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා තරුණ භික්ෂුවක් යක්කල පොලිස් ස්ථානය වෙත ඊයේ (04) පැමිණ බාර වූ සිදුවීමත් යක්කල පොලිසිය පවසා සිටිනවා.

එහිදී මෙම භික්ෂුව පොලිසියට සිය මව සමඟින් පැමිණ ඇති අතර, අනතුරුව භික්ෂූන් වහන්සේ පොලිසිය භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි පැවසෙන්නේ.

එහිදී මෙම භික්ෂුව පොලිසියට පවසා තිබෙන්නේ, තමන් ගිහියකුව සිටියදී මීට වසර අටකට පමණ ඉහතදී කරන ලද මෙම සොරකම්වලට අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදෙන තෙක් බණ භාවනා කරමින් මහණදම් පිරීමට තරම් හිතට සහනයක් හෝ සැනසිල්ලක් හෝ නොමැති බවයි.

ගිහියකුව සිටියදී තමන් කළ මෙම සොරකම් සම්බන්ධයෙන් නිතර හිතට වද දෙන බවත්, එම සොරකම්වලට දඬුවම් විඳ හිතට සහනයක් සැනසිල්ලක් ලබාගත යුතු නිසා පොලිසියට බාර වීමට තමන් තීරණය කළ බවත්, මේ සම්බන්ධයෙන් සිය මවට ද පවසා ඇයද සමඟ පොලිසියට පැමිණි බවයි මෙම භික්ෂුව පොලිසියට පවසා ඇත්තේ.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us