නිළියකට HIV :කාම චිත්‍රපට නිපදවීම නවතියි ! (වීඩියෝ )

Published in පුවත්
Sunday, 31 August 2014 17:58

  ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කාම චිත්‍රපට කර්මාන්තය බිද වැටෙයි. විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා සිට ලොස් ඇන්ජලීස් නුවර කාම චිත්‍රපට නිපදවීම සම්පුර්ණයෙන් අත්හිටුවා ඇති බවයි.

කාම චිත්‍රපට නිළියකට HIV ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු මෙම චිත්‍රපට නිපදවීම මෙලෙස තාවකාලිකව නවත්වා ඇති බව වාර්තා වෙයි.

පසුගිය වසරේ තුන් වතාවක්ම මේ ආකාරයට එම චිත්‍රපට නිළියන්ට  HIV ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා තුන් වතාවක් පමණ කාමුක චිත්‍රපට නිපදවීම නවතා දැමුණ අතර පසුව මෙම චිත්‍රපට වලදී ආරක්ෂිත ක්‍රම පිලිපදින හැටියට මෙම කර්මාන්තකරුවන්ට උපදෙස් ද නිකුත් කර තිබේ.

නමුත් කාම චිත්‍රපට නිපදවන්නන් සදහන් කර ඇත්තේ කොන්ඩම් වැනි  විවෘත ආරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම මගින් චිත්‍රපටයේ ජීව ගුණයට හානි සිදුවන බවයි.මේ නිසා ඔවුන් ආරක්ෂිත ක්‍රමවේද වලින් තොරව තවදුරටත් කාම චිත්‍රපට නිපදවීම සිදුකර ඇති අතර පසුව සෞඛ්‍ය අංශ සදහන් කර ඇත්තේ එම රංගන ශිල්පීන් මසකට වරක් සෞඛ්‍ය පරීක්ෂාවකට ලක්විය යුතු බවයි.

මේ අතර තවත් නිළියකට HIV ආසාදනය වීඇති බවට තහවුරු වී තිබේ. මෙ නිසා සෑම දින 14කට වරක්ම පරීක්ෂා කර ගත යුතු බවට උපදෙස් ලැබී ඇති අතර සියලු නළු නිළියන්ගේ සෞඛ්‍ය පරික්ෂාව අවසන් වනතුරු චිත්‍රපට නිපදවීම නවතා දමන ලෙසට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

මේ තත්වය දිගින් දිගටම වර්ධනය වුවහොත් ලොව පුරා කාම චිත්‍රපට නිපදවීමට දැඩි බලපෑම් එල්ල විය හැති බව විදෙස් වාර්තා වල දැක්වෙයි.

(lfn.lk)

HIV ආසාදනය වී ඇති බවට පසුගිය වසරේ තහවුරු වු කැමරන් බේ නැමති නිළිය දැක්වු අදහස් ඇතුළත් වීඩියෝව මෙතනින්

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us