සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදිය යුතුයි, ජනපති කියයි

Published in පුවත්
Sunday, 07 April 2024 12:59

මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට පමණක් බවත් පක්ෂයට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය සකස් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අනුරාධපුර දිස්ත්‍රික් නීතීවේදීන් සමඟ පැවති හමුවක වන අතර ජනාධිපතිවරයා එහි දී පවසා ඇත්තේ පක්ෂවල වුවමනාවන්ට අනුව රටේ ආර්ථිකය සකස් කිරීමට ගොස් විශාල අර්බුදයකට රටට මුහුණ දීමට සිදුවූ බවත් යළි එසේ නොවීමට නම් සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදිය යුතු බවත් පැවසීය.

 එහි දී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ..

"මෙතන විවිධ පක්ෂවල අය ඉන්නවා. මම මෙතනට ආවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස නොවෙයි. මම ජනාධිපතිවරයා ලෙසයි ඔබ සියලුදෙනා වෙනුවෙන් කටයුතු කරන්නේ. දැන් අපි සම්ප්‍රදායිකව සිතු කාලය අවසන් වෙලා තිබෙනවා. සම්ප්‍රදායික දේශපාලන නිසා අපිට මේ අසීරු තත්ත්වයට මුහුණ දීමට සිදු වුණා. අපි එයින් ඉවත්විය යුතුයි.

පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රටේ අවශ්‍යතාවය අනුවයි. පක්ෂ ක්‍රමයේ වුවමනාවට රට හදන්න බැහැ. එය සිදු කිරීමට යාම නිසා තමයි පසුගිය කාලයේ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවුණේ. එහිදී කිසිවෙකු වගකීම භාරගත්තේ නැහැ. අවසානයේ ආණ්ඩුව හදන්නවත් කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ.

ප්‍රධාන පක්ෂ එකට එක් වී මේ පිළිබඳ සාකච්ඡා කිරීම වඩා සුදුසු බව මගේ විශ්වාසයයි. පැරණි පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මත තමයි එදා ගම ගොඩනැගුණේ. නමුත් දැන් නව පක්ෂ ගණනාවක් බිහි වී තිබෙනවා. ඉදිරි මැතිවරණයේදී මේ සියල්ල වෙනස් විය හැකියි. පක්ෂ පිළිබඳ නොසිතා රට ගැන සිතා කටයුතු කළයුතුව තිබෙනවා. නැත්නම් සිදු වන්නේ බෙදීමක් පමණයි.

අපි පසුකළේ ඉතා කණගාටුදායක කාලයක්. අපේ මන්ත්‍රීවරයෙක් මහමගදී පහරදී ඝාතනය කළා. අපි නැවත එම තත්ත්වයට යා යුතුද කියලා මම සියලුදෙනාගෙන් අහන්න කැමතියි. ඇතැම් දේශපාලනඥයන් මෙය අනුමත කළා. මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංගමයවත් මෙය හෙළා දැකීමට පියවර ගත්තේ නැහැ.

එදා ඝාතනය කෙරුණේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් තේරි පත් වූ මන්ත්‍රීවරයෙක්. එදා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබූ තැන අද අප අමතක කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන පුද්ගලයා තමයි අගමැතිවරයා විය යුත්තේ. එය නොමැතිනම් වෙනත් අයෙකුට අගමැති ධූරයට පත්විය හැකියි. අගමැතිවරයාගේ නිවසට ගිනි තබා අයින් වෙන්න කියනව නම්, අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස විපක්ෂය කියනවා නම් රටේ ප්‍රජාත්න්ත්‍රවාදයක් තිබෙනවාද කියා අහන්න කැමතියි. එංගන්තය වැනි රටක මෙය සිදුවුවහොත් කුමක් වෙයිද, ඒ නිසා දැන් අපට තිබෙන්නේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමයි.

එම මූලධර්ම අනුව පක්ෂයෙක් කිසිවෙකුට කරදරයක් සිදු වුවහොත් එය හෙළා දැකිය යුතුයි. විපක්ෂයේ සිටි කුමාර වෙල්ගම මහතාත් මෝටර් රථය තුළට දමා ගිනි තැබීමට උත්සාහ කළ අවස්ථාවේ එහි සිටි පිරිසක් එතුමා බේරගනු ලැබුවා. ඔහු හොරෙක්වත්, මිනීමරුවෙක්වත් නොවෙයි.

ඒ නිසා අප රට තුළ නීතිය හා සාමය තහවුරු කළයුතුයි. එහිදි අප සියලුදෙනා එකට වැඩකළයුතුයි. ඇතැම් පක්ෂ කියනවා සොරුන්ට දඩුවම් කරනවා කියලා. සොරකමට අපි විරුද්ධයි. නමුත් පක්ෂවලට ඔවුන්ට දඩුවම් කරන්න බැහැ. සොරුන්ව හොයාගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා කියලා ප්‍රකාශ කරනවා නම් එය නිවැරදියි. ඒ වගේම ඔන්ලයින් ගෙන ආ විට ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා කියලා කියනවා. ඒ නිසා මේ පැරණි දේශපාලනයෙන් අප ඉවත්විය යුතුයි.

අප සියලුදෙනා අලුතින් සිතිය යුතුයි. පසුගිය සමයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සෙළවිමකට ලක් වුණා. ඒ නිසා රට තුළ පිළිපැන්න ප්‍රජාතන්ත්‍රවාදය නිසි මගට ගෙන රට ඉදිරියට ගෙන යාමට එක්වෙමු කියලා ඔබ සියලු දෙනාට මම ආරාධනා කරනවා."

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us