විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමේ බලය විනය කමිටුවට -පොහොට්ටුව තීරණයක

Published in පුවත්
Wednesday, 10 April 2024 08:05

පක්ෂයේ විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමේ බලය විනය කමිටුවට පැවරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.


පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළේ, පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී වෙනත් දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීම් හා ගිවිසුම්වලට එළඹි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඊයේ (09) රැස්වූ දේශපාලන මණ්ඩලයේදී සාකච්ඡා වූ බවයි.

ඒ අනුව එවැනි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට එරෙහිව ගත යුතු විනය පියවර සම්බන්ධයෙන් වාර්තාවක් දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස පක්ෂ විනය කමිටුවට දැනුම් දුන් බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර පොදුජන පෙරමුණේ පුරප්පාඩුවී පවතින ආසන සංවිධායක ධුර සඳහා කඩිනමින් සුදුස්සන් පත් කිරීමට ද එහි දේශපාලන මණ්ඩලය තීරණය කර ඇත.

ඒ, පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගෙන ආ යෝජනාවකට අනුවයි.

මීට අමතරව සෑම දිස්ත්‍රික්කයකටම දිස්ත්‍රික් කාන්තා සංවිධායකවරියක් පත් කිරීමට ද දේශාපලන මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්වූයේ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us