ජනපති අවුරුදු සුබපැතුම් එක් කරද්දී ලෝක බලවතාත් මෙරට ජනතාවට සුබ පැතුම් එක්කරයි

Published in පුවත්
Sunday, 14 April 2024 12:50

අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් බවය.

සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම කැලැන්ඩර් අවුරුද්දට අලුත් වීම සෘතුවෙන් සෘතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුන්ට ලැබී ඇති අවස්ථාවන් හීදී අලුත් වන බව සිය අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ අප අලුත් වන්නේ ද සබඳතාවය සහ සාමූහිකත්වය කේන්ද්‍ර කොටගෙන වන බවත් ලෝකයේ ඕනෑම රටක සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍රයන් සැකසී ඇත්තේ මෙම කරුණු පදනම් කරගෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

අලුත් අවුරුද්දේ රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යාමට අවශ්‍ය මුලීක සාධකයන් වනුයේ ද සමාජ සබඳතාවය සහ සාමූහිකත්වය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවුඩයෙන් දැනුම් දෙයි.

නවමු සංකල්පයන් තුළින් පෝෂිත අලුත් අවුරුද්දක් අදින් ඇරඹිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිංහල හා දෙමළ අවුරුද්ද නිමිත්තෙන් මෙරට ජනතාවට සුබ පැතුම් එක්කර තිබේ.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජෝ බයිඩ්න් සිය සුබපැතුම් එක්කර තිබුණි.

මෙම සුවිශේෂී අවස්ථාව සමරන ලොව සියලුදෙනා ට තමා සහ තම බිරිඳ සුබපතන බව ඔහු සිය සටහනින් පවසයි.

එම සුබ පැතුම පහතින්,

biden

 

 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us