ඇමති සුසිල් ගේ චෝදනාව වැරදියි - පොලිසිය

Published in පුවත්
Monday, 01 September 2014 09:33

පසුගිය සතියේ බඩල්කුඹුරේදී සිය ආධාරකරුවන්ට එල්ල වූ ප්‍රහාරයකට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට ක්‍රියා නොකළ බවට ආණ්ඩුව නගන චෝදනාව සත්‍යයෙන් තොර බව පොලිසිය පවසයි.

ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී පසුගිය සඳුදා රාත්‍රියේ ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පියවර ගත්තේ නම් ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යාම වලක්වා ගත හැකිව තිබුණු බව, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පසුගියදා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ය. 

"අපිට තිබෙන වාර්තා අනුව පොලිසිය ක්ෂණිකව ඒ අවස්ථාවේදීම පියවරක් ගත්තා නම් ඒ කාර්යාලයට පහරදීම සම්බන්ධයෙන් ඉන් එහාට සිදුවන සිද්ධීන් සිදු වෙන්නේ නැහැ,"යනුවෙන් අමාත්‍ය ප්‍රේම්ජයන්ත් මහතා පසුගිය බදාදා පොලිසියට චෝදනා නැගුවේය.


එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා, එම ප්‍රහාරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකුට තුවාල සිදු වූයේ පොලිසිය වහාම එම ස්ථානයට ගිය නිසා බව පැවසීය.


'අට දෙනෙක් අත්අඩංගුවේ'


මේ අතර ගතව ගිය දෙදින තුළ ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී විරුද්ධ පක්ෂයේ මැතිවරණ කාර්යාල නමයකට පහරදී ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසයි.

අංක තහඩු රහිත වාහන ප්‍රදේශයේ සැරිසරන බව පවසන එම සංවිධානය, මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි මාර්ග බාධක ඉදිකිරීමට තවමත් කටයුතු කොට නැති බවට පොලිසියට චෝදනා කරයි.


අංක තහඩු නොමැති වාහන සම්බන්ධයෙන් තවමත් පොලිසියට තොරතුරු ලැබී නැති බව පවසන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 32 ක් ලැබී තිබෙන බවද සඳහන් කළේය.

"අපි පැහැදිලිව උපදෙස් දීල තියෙනවා ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට මේක වලක්වන්න පියවර ගන්න කියල. ඒ අනුව ජංගම සංචාර යොදල තියෙනව, ඒ වගේම මාර්ග බාධක යොදල තියෙනව," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

මැතිවරණ කොමසාරිස්වරයා නියෝග කළ පරිදි ලියාපදිංචි මැතිවරණ කාර්යාලවල පොලිස් මුර සංචාර පොත් තැබීමට කටයුතු කරමින් සිටින බවත් පොලිසිය පවසයි.

(බිබිසි සංදේශය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us