ගමේ ගිය අයට එන්න විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවක්

Published in පුවත්
Tuesday, 16 April 2024 13:12

අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (16) සහ හෙට (17) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය යොදවා තිබේ.

ඒ අනුව අප්‍රේල් 14 වනදා දහවල් 12.00 සිට මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වූ අතර අද සහ හෙට දිනයේත් එය ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට, පළාත් ප්‍රවාහන අධිකාරිය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇත.

අම්බලන්ගොඩ, අම්පාර, අනුරාධපුර, බදුල්ල, හලාවත, ඇඹිලිපිටිය, කදුරුවෙල, හැටන්, නුවරඑළිය, වැලිමඩ, නුවර, කුරුණෑගල, මොනරාගල ආදි ප්‍රදේශවලින් මෙම විශේෂ බස් රථ ආරම්භ වේ. එමෙන්ම අධිවේගී මාර්ගය ඔස්සේ මාතර – කොළඹ, මාතර – මාකුඹුර, මාතර – කඩුවෙල, මාතර – කඩවත, මාතර – පානදුර, ගාල්ල – මාකුඹුර, ගාල්ල – කඩුවෙල, ගාල්ල – කඩවත, තංගල්ල – කොළඹ, ඇඹිලිපිටිය – කොළඹ, ඇල්පිටිය – කොළඹ‍, ඇල්පිටිය – මාකුඹුර, අම්බලන්ගොඩ – මාතර ආදි වශයෙන් බස් රථ ක්‍රියාත්මක වේ. මෙම ප්‍රදේශවලින් සෑම විනාඩි 15ත් 30ත් අතර කාල සීමාව තුළ වරකට බස් රථ පිටත්වේ.

එමෙන්ම බස් රථ සේවාව මෙන්ම විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක වේ. ඒ අනුව බදුල්ල සිට කොළඹ දක්වා අද (16) දින පෙරවරු 05.45ට පළමු දුම්රිය පිටත්වන අතර පෙරවරු 07.45ට විශේෂ දුම්රියක් පිටත්වේ. එමෙන්ම සාමාන්‍ය පරිදි පෙරවරු 08.45ට‍, පෙරවරු 10.15ට සහ පස්වරු 5.20ට විශේෂ දුම්රියක් සහ පස්වරු 6.30ට තවත් දුම්රියක් කොළඹ බලා පිටත් වේ. එමෙන්ම ගාල්ල සිට කොළඹ කොටුව, මාතර සිට කොළඹ කොටුව, බෙලිඅත්ත සිට කොළඹ කොටුව ආදි වශයෙන්ද විශේෂ දුම්රියන් යොදවා ඇත.

ඒ අනුව 1958 ඔස්සේ ශ්‍රී ලංගම ඇමැතිය හැකි වේ. එමෙන්ම 1955 ඔස්සේ ජාතික ගමනාගමන කොමිසමත්, 1971 ඔස්සේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමසීම් සිදුකළ හැකි වේ. එමෙන්ම 0753224532 යන දුරකතන අංකය ඔස්සේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් විමසීම් සිදුකළ හැකි වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us