නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

Published in පුවත්
Tuesday, 16 April 2024 18:43

2024 මාර්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 මාර්තු මාසයේ දී දර්ශකාංක 62.5ක් වාර්තා කරන ලදී. මෙම දර්ශකය වසර තුනකින් වාර්තා කළ ඉහළම අගය මෙය වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් සියලුම උප දර්ශක පෙර මාසය හා සැසඳීමේදී ඉහළ යෑම හේතු විය.

නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑම සඳහා ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශය සහ රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශය ප්‍රධාන වශයෙන් දායක විය. විශේෂයෙන් ආහාර සහ පාන වර්ග නිෂ්පාදනය කරන්නන් ඇතුළුව බොහෝ නිෂ්පාදකයින් එළඹෙන උත්සව සමය පිළිබඳව සුභවාදී අදහස් පල කරන ලදී. මේ අතර, නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑම හා සමගාමීව සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් ද ඉහළ යන ලදී. තවද, මිල මට්ටම්වල පහත වැටීමක් ද වාර්තා විය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පෙර මාසයට සාපේක්ෂව මාර්තු මාසයේ දී අඩු වේගයකින් වුවද ඉහළ යන ලදී.

press 20240415 sl pmi 2024 march s 1

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us