නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අද සිට - සංචාරකයින්ට පමණක් අද සිට "ඊ වීසා" ක්‍රමවේදය ක්‍රියාත්මකයි

Published in පුවත්
Wednesday, 17 April 2024 07:43

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අද ( 17) සිට ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නව වීසා ක්‍රමවේදය ඊට අදාළ ගාස්තු සපුරාලිය යුතු අවශ්‍යතා සහ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිය හැකි කාලසීමාව 2023 .11.27 , වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබුණා.

VIWA NEW

VISA1VISA2

මේ අතර සංචාරකයින් සඳහා පමණක් අද (17) සිට "ඊ වීසා" ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ, ආරම්භයේදී භාෂා පහකින් "ඊ වීසා" අයදුම් කිරීමේ හැකියාව පවතින බවය.

"නව තාක්ෂණයෙන් වැඩි දියුණූ කරලා, ඊ වීසා ක්‍රමවේදය අද ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඕනෑම රටක ඉඳලා ලංකාවට පැමිණෙන සංචාරකයින්ට විතරක් නෙමෙයි. පළමුව සංචාරකයින්ගෙන් පටන් ගන්නවා. ඊට පස්සේ අපි සියලුම වීසා වර්ගවලට ඔන්ලයින් තාක්ෂණය පාවිච්චි කරලා අයදුම් කිරීමේ හැකියාව මේ මඟින් සැලසෙනවා. රටේ ජාතික ආරක්ෂාව ගැන සැලකීමේ දී වඩාත් වැඩි ලේඛන ප්‍රමාණයක් ගැනීම ආදිය සලකා බලලා අපි භාෂා 5කින් මේක පවත්වාගෙන යනවා."

සති 03ක් වැනි කාලයක් ඇතුළත මෙම ක්‍රමවේදය සියලුම වීසා ඉල්ලුම් කිරීම් සඳහා යොදා ගන්නා බව හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේය.

"දැනට අපි සංචාරක වීසා සඳහා පමණයි මේ ක්‍රමවේදය හඳුන්වා දෙන්නේ. ඉදිරි සති කිහිපය තුළ අධ්‍යාපනික, ව්‍යාපාරික ආදි සියලු වීසා කාණ්ඩවලට මෙය හඳුන්වා දෙනවා. රටේ ආරක්ෂක ක්‍රමවේදය අනුව ඉතා පහසුවෙන් රටට එන්න මෙයින් පහසුකම් ලැබෙනවා. මේ අතර නිත්‍ය පහසුකම් වීසා සඳහා අපි තොරතුරු ලබාගෙන තාක්ෂණයෙන් දියුණු ක්‍රම භාවිතයට ගැනීමට නියමිතව තිබෙනවා."

 -P.M

Last modified on Wednesday, 17 April 2024 07:57

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us