එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පෙරදිග සාර දර්ශනයන් පදනම් කරගනිමින් මානව වර්ගවයාගේ සුබ සෙත අරමුණු කරගත් සමස්ත ලෝකයෙහිම ගෞරවයට පාත්‍ර වූ සමාජ ව්‍යාපාරයකට නායකත්වය දුන් ශ්‍රී ලාංකික සුජාත පුත්‍රයෙකු වූ ශ්‍රී ලංකාභිමාන්‍ය, ආචාර්ය ඒ්. ටී. ආරියරත්න මැතිතුමාගේ අභාවය අප තුළ මහත් සංවේගයක් ඇති කරවූ බවයි.
මහත්මා ගාන්ධිතුමන්ගේ අධ්‍යාත්මික හා දාර්ශනික උරුමය ඉදිරියට ගෙන ආ විනෝබා බාවේ තුමන්ගේ පරහිතකාමි දැක්මෙන් උත්තේජනය ලද ශ්‍රී ලාංකේය තරුණයකු තුළ හටගත් අධිෂ්ඨානයක ප්‍රතිඵලයක් ලෙස සර්වෝදය ව්‍යාපාරය බිහි විය. මානව ගරුත්වය හා සාර සමාජයක් සඳහා වන නිවහල් දැක්මකින් පොහොසත් සර්වෝදය ව්‍යාපාරයේ දර්ශනය රටට හඳුන්වා දෙමින් හා ඒ් අනුව තම ජීවිත කාලය පුරාම කටයුතු කරමින් ආරියරත්න මැතිතුමා ශ්‍රී ලංකා සමාජයට සිදු කර ඇති සේවය අනගිභවනීය වන්නේය. එමෙන්ම එතුමන්ගේ දර්ශනය අනාගත යහපත් ශ්‍රී ලංකාවක් පිළිබඳ අභිප්‍රායකින් යුතුව කටයුතු කරන ලාංකේය සුධීමතුන්ට බොහෝ මඟ ලකුණු දක්වනු ඇතැයි අපගේ බලවත් විශ්වාසයයි.
ශ්‍රී ලංකාභිමාන්‍ය, ආචාර්ය ඒ්. ටී. ආරියරත්න මැතිතුමාගේ අභාවය හේතුවෙන් බලවත් සංවේගයට පත්ව සිටින ශ්‍රී ලාංකික ජන සමුහය සමඟ එක් වන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එතුමන්ගේ ආදරණීය භාර්යාව වන නීතා ආරියරත්න මැතිණියට ද විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න, චාරිකා, ජීවන්, සදීවා, දියත්, නිම්නා යන දූ දරුවන් ඇතුළු පවුලේ සැම වෙත ද අපගේ බලවත් ශෝකය පළ කරන අතර එතුමන්ට අමා මහ නිවන් සුව අත්වේවායි! ප්‍රාර්ථනා කරන්නෙමු.
ආරියරත්න මැතිතුමන්ගේ දර්ශනය යහපත් ශ්‍රී ලංකාවක් සඳහා මඟ සළකුණක්
ආචාර්ය ඒ්. ටී. ආරියරත්න මැතිතුමන්ගේ දර්ශනය යහපත් ශ්‍රී ලංකාවක් සඳහා මඟ සළකුණු දක්වනු ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Leave a comment
Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...