රාජ්‍ය වතු සේවකයන්ගේ EPF සහ ETF ගැන තීරණයක්

Published in පුවත්
Thursday, 18 April 2024 07:19

රාජ්‍ය වැවිලි ව්‍යවසායන් යටතේ සේවය කරනු ලබන සේවකයන්ගේ නොගෙවූ ව්‍යවස්ථාපිත ගෙවීම් (EPF/ETF) සිදු කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය.

රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ අධිභාරයන් සමග රුපියල් කෝටි 500කට අධික මුදලක් ගෙවීමට නියමිත බවය.

වසරේ පළමු රාජකාරිය ලෙස තමන් ඊට අවශ්‍ය උපදෙස් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලබාදීමට කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ වැවිල ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඇරැඹිය යුත්තේ කම්කරු ජනතාවගේ නීත්‍යානුකූල අයිතීන් ආරක්ෂා කරමින් බවය.

මේ සම්බන්ධයෙන් දැනට සේවක පාර්ශ්වය විසින් නඩු 2000කට අධික ප්‍රමාණයක් පනවා ඇති අතර ඒ වෙනුවෙන් අදාළ ආයතනවලට නීතිඥ ගාස්තු ලෙස ද විශාල මුදලක් වැය වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us