ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි ඇරඹේ

Published in පුවත්
Friday, 19 April 2024 07:57

ඇඹිලිපිටිය කඩදාසි කම්හල තුළ යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරු පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (18) ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව විවෘත කෙරුණා.

1978 වසරේ දී මෙරට දෙවන කඩදාසි කර්මාන්ත ශාලාව ලෙස ඇරඹූ ඇඹිලිපිටිය කම්හල අකාර්යක්ෂම පරිපාලනය නිසා 2013 වසරේ දී වසා දමන්නට සිදුවිය.

අනූනයින් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධ ආයතනයක් වන සීමාසහිත කොරියන් ස්පා පැකේජින් සමාගමට තිස් අවුරුදු බදු පදනමක් මත ඇඹිලිපිටිය කඩදාසි කම්හල පැවරීමට කැබිනට් අනුමැතිය හිමිවිය.

ඒ අනුව කඩදාසි කර්මාන්ත ශාලාවක් පටන්ගෙන මෙහෙයුම් කටයුතු කරගෙන යාම සඳහා කේ.එස්.පී.ඒ ඇඹිලිපිටිය පේපර් මිල්ස් නමින් නව සමාගමක් සංස්ථාගත කළ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග වන ගිවිසුමක් මත එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරිණි.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us