ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන අපි විමසිල්ලෙන් - තානාපති නිමල් බණ්ඩාර

Published in පුවත්
Saturday, 20 April 2024 07:59

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 70% ක් පමණ නිවෙස්වල ආරක්ෂිතව සේවය කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

ඔහු සඳහන් කළේ, 15% ක් පමණ කෘෂිකර්ම වැඩබිම්වල සේවය කරන බවයි.

ඉතිරි පිරිස ඉදිකිරීම් හා වෙනත් අංශවල සේවයේ දී සිටී.

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ ලෙබනන් මායිම හරහා විටින් විට ෂෙල් ප්‍රහාර වාර්තා වුව ද , ඒ කලාපයේ සිටි ලක්ෂ එකහමාරකට වැඩි පිරිස එම කලාපයෙන් වෙනත් ස්ථානවලට තාවකාලිකව යොමුකර ඇතැයි තානාපතිවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, ඒ අතර සිටි ශ්‍රී ලාංකිකයන්ද නව ස්ථානවලට ගොස් ඇති බවයි.

ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ගැටලුවක් ඇති නොවන බව තානාපතිවරයා තහවුරු කළේ ය.

ඔහු පවසන්නේ, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ලාංකිකයන් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් බවයි.

පවතින තත්ත්වය මත ගැටලුකාරී පසුබිමකට මුහුණ දෙන පුද්ගලයින් ඇත්නම් තානාපති කාර්යාලය සම්බන්ධ කර ගන්නා ලෙස දැනුම් දෙයි.

තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ, ශ්‍රී ලංකාවේ සිට යුරෝපයට ගමන් ගන්නා බොහෝ ගුවන් ගමන් ඊශ්‍රායල් කලාපය හරහා ගමන් ගන්න බැවින් නිරන්තරයෙන් ගුවන් ගමන් වෙනස්වීම් හා ආරක්ෂක හේතු මත ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බවයි.

ඉරානය සහ ඊශ්‍රායලය වෙත මේ වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව තිබේ.

ඒ ඉරානයේ ඉස්ෆහාන් ප්‍රදේශයේ, පිපිරීම් හඩවල් වාර්තාවීමත් සමගයි.

බොහෝ දෙනා විශ්වාස කළේ, ඊශ්‍රායලය ඉරානයට පහරදීම ආරම්භ කර ඇති බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us