විපක්ෂයේ ගොන් තියරිවලට රැවටෙන්න එපා, සහල් බෙදීම ජනපතිවරණ ගුංඩුවක් නෙවෙයි  

Published in පුවත්
Monday, 22 April 2024 14:40

රට පුරා දිස්ත්‍රික්ක 18ක අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නොමිලේ සහල් ලබා දීම ආණ්ඩුවේ ව්‍යාපෘතිය තුල කිසිදු දේශපාලන අරමුණක් නොමැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා තිබේ.

එමෙන්ම එය කිසිසේත්ම ඡන්ද ගුංඩුවක් නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

ආණ්ඩුවෙන් ජනතාවට යමක් දුන් පමණින් ජනපතිවරණ ඉලක්ක කරගනිමින් කරන ලද ඡන්ද ගුන්ඩු වන අතර විපක්ෂය විසින් ජනතාව වෙත සපයන දෑ ජනතා සේවයක් ලෙස විපක්ෂය විසින් හොවා දක්වන ගොන් තියරිවලට නොවැරටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ‍අමාත්‍යවරයා එහි දී පවසා ඇත. 

ඇමති ප්‍රසන්න රණතුංග මේ බව සදහන් කලේ ඊයේ (21) ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් වලට සහල් බෙදා දීමේ වැඩසටහන්වලට එක් වෙමිනි. කැලණිය, බියගම, මහර, කටාන හා දිවුලපිටිය යන ආසන වල මෙම සහල් බෙදා දීම ඊයේ සිදු කෙරිණ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව දිවයින පුරා දිස්ත්‍රික්ක 18ක අඩු ආදායම්ලාභී පවුල් 2,511,840ක් වෙනුවෙන් සහල් බෙදා දීම ඊයේ ආරම්භ කෙරිණ. මේ වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් 4,676,474,300කි.

මේ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 2,41,623කට සහල් කිලෝ 10 බැගින් ඉදිරි මාස දෙක තුල ලැබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීවේය. ඒ වෙනුවෙන් වැය කරන මුදල රුපියල් 459,083,700කි.

මෙම ව්‍යාපෘතිය යටතේ වැඩිම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාවකට සහල් සහනාධාරිය හිමි වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේයි. එම පවුල් සංඛ්‍යාව 283,013කි. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 537කට අධිකය. ඉන් අනතුරුව වැඩිම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාවක් ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙයි. එම පවුල් සංඛ්‍යාව 2,43.892කි. මිලියන 400කට අධික මුදලක් ඒ සදහා වැය කර තිබේ.

අනුරාධපුර, බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, කලුතර, නුවර, කුරුණෑගල. මන්නාරම, මාතලේ, මොණරාගල, මුලතිව්, පොළොන්නරුව, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය හා වව්නියාව යන දිස්ත්‍රික්ක වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

Last modified on Monday, 22 April 2024 21:27

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us