පාසල් හාල් කතාවත් බොරුවක් Featured

Published in පුවත්
Tuesday, 23 April 2024 09:24

පාසල් පෝෂණ වැඩසටහන සඳහා වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත් කර ඇත්තේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශ්ලේෂණ වාර්තා අනුව මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කළ සහල් තොගය පමණක් බව ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාවය සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය සඳහන් කරයි.

එම වාර්තා තවදුරටත් අධ්‍යයනය කර නිර්දේශ ලබාදීම සඳහා ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පත් කළ විද්වත් කමිටුව මඟින් ද පාසල් සඳහා නිකුත් කළ සහල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසු බව නිර්දේශ කර ඇති බව එම කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි .

මේ අතර පාසල් පෝෂණ වැඩසටහන සඳහා දැනටමත් නිකුත් කර තිබෙන සහල් තොග පාසල පිහිටි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ද ඇතුළත් පාසල් පෝෂණ කමිටුව මගින් නැවත පරීක්ෂාවට ලක් කර සුදුසු මට්ටමේ පවතින සහල් පමණක් පාසල් ආහාර වැඩසටහනට යොදා ගන්නා ලෙස ජනාධිපති කාර්යාලය පළාත් හයක ප්‍රධාන ලේකම්වරුන්ට ඊයේ (22 ) දැනුම් දුන්නේ ය.

මෙම දැනුම් දීම කළේ උතුර, සබරගමුව, නැගෙනහිර , ඌව, වයඹ සහ මධ්‍යම යන පළාත්වලටය.
මෙම සහල් තොග පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් පරීක්ෂා කරනු ලැබ ඇතත් යම් හෙයකින් නුසුදුසු මට්ටමේ යම් සහල් ප්‍රමාණයක් පවතී නම් ඒවා පාසල් ආහාරයට එකතු නොකිරීමට කටයුතු කළ යුතු බව ද එවැනි ආහාර තොග සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවශ්‍ය උපදෙස් නොපමාව ලබා දීමට කටයුතු කරන බව ද පළාත් ලේකම්වරුන්ට යවා තිබෙන ලිපියේ සඳහන් වෙයි.

පාසල් දරුවන් සඳහා බෙදා දීමට සැලසුම්කර තිබු වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ආහාර ගබඩාවේ ගබඩාකර තිබු සහල් තොග නියමිත ප්‍රමිතියෙන් තොර බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය චෝදනා කර තිබුනේ ඊයේ දිනයේදීය.

අදාළ සහල් තොග කෘමි හානියට ලක්වීම හේතුවෙන් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්ව ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහන පවසා ඇත්තේ.

අදාළ ප්‍රකාශය හමුවේ මේ පිළීබදව සොයා බැලු ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාවය සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය සඳහන් කර ඇත්තේ මෙය අසත්‍ය ප්‍රකාශයක් බවත් ,විශ්ලේෂණ වාර්තා අනුව මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කළ සහල් තොගය පමණක් ඇති බවත්ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us