ත්‍රීරෝද රථ නියාමනය සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

Published in පුවත්
Wednesday, 24 April 2024 07:43

බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ජූනි මස 30 වනදා දක්වා කාලය ලබා දී ඇති බව එක්සත් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.

එහි සභාපති රහුමාන් පල්ලි සඳහන් කළේ, ත්‍රීරෝද රථ රියදුරන් සඳහා සහන මිලට ගාස්තු මීටර ලබා දීමට රජය වැඩපිළිවලක් සකස් කළ යුතු බවය.

"මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම ත්‍රීරෝද රථ සඳහා ගාස්තු මීටරයක් අනිවාර්යයෙන් තිබිය යුතුයි කියන මතයේ තමා අපි ඉන්නේ. ගාස්තු මීටරය කියන එක මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රීරෝද සඳහා අත්‍යාවශ්‍ය වූ අංගයක්. ෆෝන් මීටරේ නෙමෙයි මේ කියන්නේ. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා රියදුරන්ට දරාගත හැකි මිලකට ලබාදීම සඳහා ගාස්තු මීටර් ආනයනය කොට හෝ ලබාදීමට කටයුතු කරන්න කියලා.

බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ලියාපදිංචි වීමට ජූනි මස 30 වනදා දක්වා කල් ලබාදීමක් සිදුකර තිබෙනවා. අපි ඉල්ලීමක් කරනවා ජූනි 30ට පෙර ඒ ලියාපදිංචිය සිදුකර ගන්න. ඊට පස්සේ මගී ප්‍රවාහන අධිකාරිය පොලීසිය සමග එකතු වී ලියාපදිංචි නොවූ ත්‍රීරෝද රථ සඳහා නීතිමය පියවර ගන්නවා. ඒ සඳහා ප්‍රඥප්තිය තුළින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට නීතිමය බලතල ලැබිලා තියෙනවා."

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us