O/L පංති ,සම්මන්ත්‍රණ ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රීයෙ සිට තහනම් - A/L ප්‍රතිඵලත් මැයි අග

Published in පුවත්
Thursday, 25 April 2024 07:14

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 සිට 15 වන දින දක්වා පැවැත්විමට සැලසුම් කර තිබේ.

මේ අතර පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග නිකුත් කිරීමට කටයුතු කරන බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

2023 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් සිසුන්ට උසස් පෙළ පංති වෙත ඇතුළු වීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවනු ලැබුව ද මාස 4ක් ඉක්මවා ගොස් ඇතත් නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා අසමත් වී ඇති බවය.

සිසුන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිඵල නැවත සමීක්ෂණ සදහා අයදුම්පත් යොමුකර ඇති අතර නැවත සමීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වීම් හේතුවෙන් එම සිසුන්ගේ උසස් පෙළ විෂය ධාරාවන් තෝරා ගැනීමේ කටයුතුවලට බාධා පැමිණ ඇති බව ගාමිණි වලේබොඩ මන්ත්‍රීවරයා පවසනවා.

එම නිසා නැවත සමීක්ෂණ කටයුතු සිදුකර එහි ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන ලෙසට විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කරන මෙන් මන්ත්‍රීවරයා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us