ජනපති ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් ඊයේ රාත්‍රියේ - රජයේ ඉදිරි වැඩපිළිවෙළ ගැනත් සාකච්ඡාවට

Published in පුවත්
Friday, 26 April 2024 07:44

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබුණි.

මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සහභාගීවී ඇති බව වාර්තා විය.

එහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ සියලු මැතිවරණ කොට්ඨාස සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීම කෙරෙහි විශේෂ අවදානයක් යොමුවී තිබේ.

ඉදිරි මැතිවරණවලදී දේශපාලන පක්ෂ වශයෙන් ගනු ලබන තීන්දු තීරණ සහ නිශ්චිත එකඟතාවලට එළඹීම සම්බන්ධයෙන් ද මෙහිදී අවදානය යොමුවී ඇති බවද වාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us